LK reports news sinhala

ඉක්මනින් මැතිවරණය අවසන් කරනවාට මමත් කැමතියි – ෆොන්සේකා

රටේ වත්මන් තත්ත්වය සැලකිල්ලට ගැනීමේදී මහ මැතිවරණය කල් දැමීමේ අවශ්‍යතාවයක් නැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කරයි. මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේ කැළණිය ප්‍රදේශයේ දී ඊයේ (13) පැවති ජන හමුවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ මේ මොහොතේ රටේ පවතින තත්ත්වය අනුව ඡන්දය කල්දැමීමට අවශ්‍ය නොමැති බවත්, තමන් ද කෙසේ හෝ ඉක්මණින් මැතිවරණය අවසන් කිරීමට කැමැත්තෙන් පසුව බවයි. එමෙන්ම ජන ජීවිතයට ප්‍රමුඛස්ථානයක් ලබාදෙන බවත්, මැතිවරණය කල්දැමීම හේතුවෙන් සෑම අතකින් ම සිදුවන්නේ පාඩුවක් බවත් ඒ මහතා කියාසිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *