බ්‍රිතාන්‍යයේ රාජකීය කුමරිය වන ඈන් කුමරිය සහ ඇයගේ සැමියා වන වයිස් අද්මිරාල් ශ්‍රීමත් තිමති ලෝරන්ස් ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.
විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා විසින් කොළඹ ජනාධිපති මන්දිරයේදී ඈන් කුමරිය ඇතුළු දූත පිරිස උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
එහි පැමිණි රාජකීයයන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සමඟ සුහද කතාබහක නිරත වූහ. ඈන් කුමරිය ජනාධිපති මන්දිරයේ දී විශේෂ අමුත්තන්ගේ සමරු පොතට අත්සන් තබමින් එම අවස්ථාව සනිටුහන් කළාය.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.