ඇල්ලේ ගිනි ගැනීම් හතරක්

ඇල්ල පුංචි ශ්‍රී පාදය, කුඹල්වෙල මහමෙව්නා අසපුව රක්ෂිතයේ සහ කිතල් ඇල්ල ප්‍රදේශයේ  ගිනිගැනීම් හතරක් ආරම්භ වී සීග්‍රයෙන් පැතිර යමින් පවතින බව ඇල්ල ප්‍රාදේශීය ලේකම් ඉන්දික  ගයාන් පතිරණ මහතා පවසයි.

පවතින දැඩි වියලි දේශගුණික තත්ත්වයත් සමඟ කිසිවෙකු මෙසේ ඇල්ල පුංචි ශ්‍රී පාදය, කුබල්වෙල මහමෙව්නා අසපුව රක්ෂිතය ට කිතල් ඇල්ල ප්‍රදේශයේ වන වගාවන් දෙකක ට මෙසේ ගිනිතබන්නට ඇති බවට සැකකරයි.

කදු බෑවුම් දැඩි පල්ලම් සහිත මෙම ස්ථාන කරා ලගා වීමට අපහසු හෙයින් එම ගිනිගැනිම් නිවා දැමීමට අපහසු වී ඇති බවත් , කිසියම් සංවිධානාත්මක පිරිසක් මෙසේ විනෝදයට මෙන් එකවර ගිනිතැබිම් හතර සිදු කරන්නට ඇති බවට සැකකරන බව ප්‍රාදේශීය ලේකම් වරයා පැවසීය.

දැනට පවතින සුලං සමග ගින්න සීග්‍රයෙන් පැතිර යමින් පවතින බවද හෙතෙම කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *