ඇල්පිටිය ප්‍රා.ස.සභාපති – උප සභාපති ඇතුළු පිරිස දිවුරුම් දෙති

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ,උපසභාපතිවරයා ඇතුළු ජාතික ජනබලවේගයෙන් පත්වූ මන්ත්‍රිවරුන් 15 දෙනෙකු  නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා ඉදිරියේදී දිවුරුම් දෙනු ලැබීය.

මෙම අවස්ථාවට ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත පෙරේරා මහතාද සහභාගීවිය.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස සනත් සුමනසිරි මහතාත් උපසභාපතිවරයා හැටියට සුමිත් පතිරගේ මහතාත් දිවුරුම් දුන් අතර මන්ත්‍රිවරියන් තිදෙනෙකු ඇතුළු මන්ත්‍රිවරු 13ක්ද මෙහිදී දිවුරුම් දෙනු ලැබීය.‍

සාගර ජලජ සම්පත් හා ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා මෙහිදා කතාකරමින් කියා සිටියේ සෙවේච්චාවෙන් වැඩකරන මේ වගේ ව්‍යාපාරයක් ලෝකයේ වෙනත් කිසිම රටක නොමැති බවයි.එසේම ලංකාවේ පිහිට වූ පළමු ප්‍රාදේශීය සභාව හැටියට ලංකාවේ හොඳම ප්‍රාදේශීය සභාව බවට ඇල්පිටිය ප්‍රාදේශීය පත්කිරීමට කටයුතු කරන බවද රත්න ගමගේ මහතා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත ගමගේ මහතා සහ ප්‍රාදේශීය සභා සභාපති සනත් සුමනසිරි මහතාද කතාකළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *