ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරයා ලංකාවට

ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු කාර්යාංශයේ සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා ඊයේ(05 )  අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය .

ඩොනල්ඩ් ලූ මහතා සමග එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ තවත් උසස් නිලධාරීවරයෙකු ද දූත පිරිස ලෙස කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

ඔවුන්  ඊයේ(05) දින අලුයම 02.55 ට දෝහා නුවර සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *