ඇමැති හඳුන්නෙත්තිගේ නම විකිණූ වංචාකරුවන් හොයන්න

කර්මාන්ත ව්‍යසායකත්ව සහ සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා නමින් පෙනී සිටිමින් සමාජ මාධ්‍ය හරහා දෙස් විදෙස් ජනතාවගෙන් මුදල් රැස් කළේ යැයි කියන සැකකරුවන් වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් රිස්වාන් මහතා රහස් පොලිසියට  නියෝග කළේය.

සුනිල් හඳුන්නෙත්ති මහතාගේ නම සහ රුව භාවිතා කරමින් වට්ස් ඇප් සමාජ මාධ්‍ය හරහා මුදල් රැස්කළ සැකකරුවන් පිළිබඳව විමර්ශනය කිරීමට අවසර ලබා දෙමින් මහේස්ත්‍රාත්වරයා එම නියෝග නිකුත් කළේය.

සැකකරුවන්ගෙන් ගිණුම් පරීක්ෂා කර වාර්තාවක් කැඳවන ලෙසද මහේත්‍රාත්වරයා නියෝග කර ඇත.

අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා කරන ලද පැමිණිල්ලක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය ඉදිරිපත් කළ බී වාර්තාවක් සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා එසේ නියෝග කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *