ඇමැති බංගලා තානාපතිවරුන්ට

ඇමැති බංගලාවලින් යම් ප්‍රමාණයක් තානාපති කාර්යාලවලට ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇත.

ඇමති බංගලා කුලියට දෙන ලෙස ඉල්ලා විවිධ ආයතන තිහකට වැඩි සංඛ්‍යාවක් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇත.

තානාපති කාර්යාල, විවිධ අමාත්‍යාංශ සහ ආයතන, විශ්ව විද්‍යාල  මේ අතර වන බව එම අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.

විශ්ව විද්‍යාල එම ඇමති නිවාස ලබාදෙන ලෙස ඉල්ලීම් කර ඇත්තේ ශිෂ්‍ය නේවාසිකාගාර පවත්වාගෙන යෑමටය.

මෙයට අමතරව විනිසුරුවරුන් කිහිපදෙනෙකුද තමන්ට එම ඇමති  නිල නිවාස  දෙන ලෙසට ඉල්ලීම් කර ඇති බව අමාත්‍යාංශය පවසයි.

මෙම ඇමති නිල නිවාස ආර්ථික වශයෙන් ඵලදායී වැඩපිළිවෙළකට යොදාගන්නා ලෙස ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බැලූ කමිටුව ජනාධිපතිවරයාට නිර්දේශ කර ඇත.

එම කමිටු වාර්තාව පසුගියදා ජනාධිපතිවරයාට භාරදෙනු ලැබීය.

වර්තමාන රජයේ ඇමතිවරුන් ඇමැති බංගලා  බාර නොගැනීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇත.

කොළඹ පිහිටි ඇමැති බංගලා සංඛ්‍යාව තිස්පහකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *