ඇඳිරි නීතිය පිළිඹද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නවතම නිවේදනය

කොරෝනා වෛරසය ව්‍යාප්තිය අනුව අවදානම් කලාප ලෙස සැලකෙන කොළඹ, කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරි නීතිය දිගටම ක්‍රියාත්මකව පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

එමෙන්ම පුත්තලම, වව්නියාව, මන්නාරම, කිලිනොච්චිය, මුලතිව් සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට එනම් මාර්තු 27 සිකුරාදා උදේ 6.00 ට ඉවත් කරන අතර එදිනම දහවල් 2.00ට යළි පනවනු ලැබේ. එසේ යළි පැනවූ ඇඳිරි නීතිය මාර්තු 30 සඳුදා උදෑසන 6.00ට ඉවත්කොට එදිනම දහවල් 2.00ට නැවත ක්‍රියාත්මක කෙරේ.

අද (26) උදෑසන 6.00ට ඇඳිරි නීතිය ඉවත් කළන ලද දිස්ත්‍රික්කවල සදහා 2.00ට නැවත ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන අතර එය මාර්තු 30, සඳුදා උදේ 6.00ට ලිහිල් කොට එදිනම දහවල් 2.00 සිට යළි ක්‍රියාත්මක වේ.

ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ වෙනත් භාණ්ඩ නිවසේ සිටම මිලදී ගත හැකි වන පරිදි නොකඩවා සැපයීමට රජය සියලු විධිවිධාන සලසා ඇත.

රට පුරා ඇඳිරි නීතිය පිළිබඳව මේ නිවේදනයේ සඳහන් වේලාවන් නැවත දැනුම් දෙන තුරු වලංගුව පවතින බවත් ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *