ඇඳිරිනීතිය කාලයේත් සෑම නගරයකම ෆාමසියක් විවෘතව තැබීමට අවසර

ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාලයේ දිවයිනේ සෑම නගරයකම එක් ෆාමසියක් බැගින් විවෘත කිරීමට රජය අවසර හිමිවූ බව සමස්ත ලංකා පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමයේ සභාපති චන්දික ගන්කන්ද පවසයි.

ඇමැති චමල් රාජපක්ෂගෙන් කළ ඉල්ලීමකට අනුව පොලිස්පතිවරයා සමග කළ සාකච්ඡාවකින් පසු ඊට අනුමැතිය හිමිවූ බවත්, ඒ අනුව විවෘත කිරීමට නියමිත ෆාමසි පිළිබඳ ලේඛනයක් පොලිස්පතිවරයා වෙත යොමු කිරීමේන අනතුරුව අනුමැතිය හිමිවූ පසු ෆාමසිය බැගින් විවෘත කිරීමට පියවර ගන්නා බවද ඔහු සඳහන් කරයි. හදිසි අවස්ථාවකදී කිසියම් පුද්ගලයකුට ඖෂධ මිලදී ගැනීමේ අවස්ථාව උදා කිරීම මෙහි අරමුණ වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *