ඇදිරි නීතිය ලිහිල් කිරීම සීයට සීයක් රට සාමාන්‍ය තත්වයට පත් කිරීමක් නොවේ

ඇදිරිනීතිය ලිහිල් කෙරුණද සියළු පිරිස් රැකියා ස්ථාන කරා පැමිණිම තවමත් අනිවාර්යය නොවන බව රජය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටී. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ ආයතන ප්‍රධානියාගේ අභිමතය පරිදි සේවකයන් සීමා කර රැකියාවට කැඳවීමට හැකි බවයි.

එමෙන්ම දිවයින පුරා අද (26) සිට ඇඳිරි නිතිය ලිහිල් කෙරුණද සීයයට සීයයක් රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමක් ලෙස නොසලකන ලෙසටද මෙහිදී අවධාරණය කෙරුණා. එසේ සාමාන්‍ය තත්වයට පත් වීමට නම් මහජනතාව තවදුරටත් සෞඛ්‍ය උපදෙස් අනුවම කටයුතු කිරීම අනිවාර්ය බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *