’’ඇතැම් නායකයන් සමලිංගිකත්වය ප්‍රචලිත කරන්න හදනවා’’ – කොළඹ අගරගුරු

ඇතැම් දේශපාලන පක්ෂ මෙන්ම දේශපාලන නායකයන් රටේ සමලිංගිකත්වය ප්‍රචලිත කිරීමට විදේශීය සංවිධාන සමග එක්වී කටයුතු කරමින් සිටින බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ  අගරගුරු හිමිපාණෝ  පැවසූහ

මෙය ලංකාවේ මෑතක සිට ඇතිවෙමින්  පවතින   භයානක තත්වයක් බවත්  මෙමගින් රට අඳුරට යා හැකි බවත්   උන්වහන්සේ කීහ.

උන්වහන්සේ මෙසේ පැවසුවේ රුහුණු  විශ්ව විද්‍යාලයේ උපකුලපති අකුරැටියේ නන්ද ස්වාමීන් වහන්සේට මියන්මාර් රජයෙන් දුන් අග්ග මහා පණ්ඩිත ගෞරව නාමය පිදීමේ උත්සවයේදීය.

මෙම උත්සවය කොළඹදී ඊයේ පැවැත්විණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *