ඇඟලුම් කර්මාන්තයට සංචරණ සීමාවලින් බාධාවක් නැහැ යුද හමුදාපති පවසයි

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසුවේ,ඇඟලුම් කර්මාන්තයේ ක්‍රියාකාරීත්වයට සංචරණ සීමාවලින් බාධාවක් නොමැති බවයි.

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව ඇඟලුම් කර්මාන්තයේ ක්‍රියාකාරීත්වයට අවසර දී ඇතැයි යුද හමුදාපතිවරයා සඳහන් කරයි.

ඇඟලුම් නිෂ්පාදන, බෙදාහැරීම, ආනයනය සහ අපනයනය වැනි කාර්යයන් ආරක්ෂක බුබුළු ක්‍රමයට අනුගතව කළ හැකි බව යුද හමුදාපති ජෙනරාල් ශ්‍රවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *