ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන තුනක්

‘‘දිට්වා‘‘ සුළි කුණාටුවෙන් පීඩාවට පත් මෙරට ජනතාවට අවශ්‍ය සහාය ලබාදීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන තුනක මුදලක් ප්‍රදානය කරන බව ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසාටෝ කන්ඩා මහතා පසුගියදා ප්‍රකාශ කළේය.

එසේම තායිලන්තයට ඇමෙරිකානු ඩොලර් මිලියන දෙකක මුදලක් සහ වියට්නාමය ඇමෙරිකානු ඩොලර් මිලියන දෙකක මුදලක් ආසියානු සංවර්ධන බැංකුව ප්‍රදානය කරන බව ඔහු පැවැසුවේය.

ශ්‍රී ලංකාව, තායිලන්තය සහ වියට්නාමය එරට ඇතිවූ ආපදාවන්ට සහාය වන ලෙස ආසියානු සංවර්ධන බැංකුවෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාර ලෙස මෙම මුදල් නිදහස් කරන බවද ඔහු ප්‍රකාශ කළේය.

ආපදාවන්ට ලක්වූවන්ගේ ජීවිත බේරාගැනීමට සහ ප්‍රජාවන් නැවත ගොඩ නැගීමට ශ්‍රී ලංකාව, තායිලන්තය සහ වියට්නාමයට ආසියානු සංවර්ධන බැංකුවේ සහාය හිමිවන බව සභාපතිවරයා පැවැසුවේය.

ආසියා පැසිෆික් ආපදා ප්‍රතිචාර අරමුදලෙන් මෙම මුදල් නිදහස් කෙරෙනු ඇති බවත් ආපදාවන්ට ලක්වූවන්ට අවශ්‍ය හදිසි සහාය සැපයීමට මෙම මූල්‍ය සහාය උපකාරී වනු ඇති බවත් ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසාටෝ කන්ඩා මහතා ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *