ආර්ථික වර්ධනය සහ ප්‍රතිසාධනය පිළිබඳ අනුකමිටුවක් සඳහා කැබිනට් අනුමැතිය

ආර්ථික වර්ධනය සහ ප්‍රකෘතිය පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව පිහිටුවීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.

පවතින ආර්ථික අර්බුදය හමුවේ ආර්ථික පුනර්ජීවනය/ප්‍රකෘතිය සහ වර්ධනය සඳහා තීව්‍ර ප්‍රමුඛත්වය දෙමින් ගත යුතු පියවර සම්බන්ධයෙන් කඩිනම් තීරණ ගත යුතු බව රජය පෙන්වා දෙයි.

ජාතික ආර්ථික කළමනාකරණ කටයුතු සඳහා අවශ්‍ය උපාය මාර්ගික මගපෙන්වීම ලබාදීමේ අරමුණින් ආර්ථික වර්ධනය සහ ප්‍රකෘතිය/පුනර්ජීවනය පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පිහිටුවීමට පිළිගෙන ඇති බව රජය වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ අනුව ආර්ථික වර්ධනය සහ ප්‍රකෘතිමත් වීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කිරීමට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුව කටයුතු කරන අතර අග්‍රාමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයේ තවත් අමාත්‍යවරුන් 05 දෙනෙකුගෙන් එම කමිටුව සමන්විත වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *