ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමේදී එම වැය ශීර්ෂය වැඩි ඡන්ද 78කින් පාර්ලිමේන්තුවේදී ඊයේ (28) පස්වරුවේ සම්මත විය.
ශීර්ෂයට පක්ෂව ඡන්ද 88ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 10ක් පමණි.
ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ අතර අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු වෙති.
ආරක්ෂක මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යාංශවල වැය ශීර්ෂ පිළිබඳව කාරක සභා අවස්ථාවේ විවාදය ඊයේ (28) දවස පුරා පැවැත්විණ.
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විවාදය ආරම්භ කරමින් කතා කළ අතර විවාදයේ පිළිතුරු කතාව කළේ ආරක්ෂක අමාත්‍ය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාය.