වෛද්‍යවරු

ආයුර්වේද වෛද්‍යවරු 303ක් පත් වෙති

ආයුර්වේද වෛද්‍යවරු 303 දෙනෙක් බඳවා ගැනීමට රජය තීරණය කර තිබේ.

2018 වසරට පසු දේශීය ආයුර්වේද වෛද්‍ය සේවයට එකවර වැඩිම වෛද්‍යවරුන් පිරිසක් බඳවා ගන්නා අවස්ථාව මෙය බව රජය කියයි.

දේශීය ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රය සවිබල ගන්වමින් ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ද ඇතුළුව උපාධිධාරීන් 303 ක් ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සේවය වෙත බඳවා ගැනීමේ නව පත්වීම ප්‍රදානය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාර පරිශ්‍රයේ දී හෙට (4) පෙරවරු  9ට සිදු කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *