ආපදාවෙන් ධීවර වැඩට කෝටි 765ක හානියක්

ගංවතුර ව්‍යසනය නිසා ධීවර ක්ෂේත්‍රයට  රුපියල් කෝටි 764.9 කට වැඩි හානියක් වී ඇතැයි ඇස්තමේන්තු කර තිබෙන බව ධීවර ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා මාධ්‍ය හමුවකදී පැවැසීය.

ප්‍රධාන විදේශ විනිමය උත්පාදන මාර්ගයක් වන ජලජීවී වගා ක්ෂේත්‍රයට රුපියල් කෝටි 585 ක දැවැන්තම අලාභයක් සිදුව ඇති අතර එයින් ප්‍රධාන වශයෙන් විසිතුරු මසුන්, ඉස්සන් සහ මුහුදු කූඩැල්ලන් කර්මාන්ත වලට බලපෑම් එල්ල වී ඇතැයි අමාත්‍යවරයා කීය.

ආපදාව නිසා කරදිය ධීවර ක්ෂේත්‍රයට අලාභය රුපියල් කෝටි 179.9ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

අමාත්‍යාංශ ලේකම් ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස මහතා කීවේ  පංච පුද්ගල කමිටුවක් මගින් සියලුම හානි තක්සේරු වාර්තා මේ වන විටත් තහවුරු කරමින් සිටින බවයි.ආධාර බෙදාහැරීම විනිවිදභාවයකින් සහ කඩිනමින් සිදු කරන බවද අමාත්‍යංශ ලේකම්වරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *