ආනයන බදු ඉවත් කිරීම නිසා ටින් මාළු, බී ළුෑණු සහ සීනි මිල පහළට, පරිප්පුත් සහන මිලට

බදු ඉවත් කිරීම නිසා අද රාත්‍රියේ සිට අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල රජය විසින් පහත දමා තිබේ. ඒ අනුව අද රාත්‍රියේ සිට ටින් මාළු (ලොකු) එකක් රුපියල් 200 ටත්, බී ළුෑණු කිලෝවක් රුපියල් 100 කටත්, සීනි කිලෝව රුපියල් 85 කටත් මිලදී ගැනීමට හැකි වනු ඇත.

එමෙන්ම මෙම අත්‍යාවශ්‍ය භාණ්ඩ ඇතුළුව රුපියල් 500කට වැඩි වටිනාකමකින් යුත් භාණ්ඩ සතොස අලෙවිසැල් මගින් මිලදී ගැනීමේදී පිරිප්පු කිලෝවක් රුපියල් 150කට මිලදී ගැනීමේ අවස්ථාවද සලසා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *