ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ යුත්තේ පරිසර දූෂණය වැළැක්වීමට මුල් තැන දෙමින් බව හිටපු ඇමැතිවරයකු වන රාජිත සේනාරත්න පවසයි. පළමුව මහා පරිමාණ පරිසරය දූෂණයට මඟපාදන කර්මාන්තශාලා අධීක්ෂණය කළ යුතු බවත් එම පරිසර දූෂණය මෙරට ජනතාවට විශාල ගැටලුවක් බවත් ඔහු අවධාරණය කරයි. ක්ලීන් ශ්‍රී ලංකා වැඩපිළිවෙළ අගය කරන නමුත් එය ඉහළ ස්තරයෙන් ආරම්භ කළ යුතු කාර්යයක් බවද ඔහු පැවසුවේය.
2025-01-12