ගෝඨාභය රාජපක්ෂ රජය කඩාවැටීම ආරම්භ වූයේ තමාවත් උදය ගම්මන්පිල මහතාවත් කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කිරීමෙන් පසුව බවත් වර්තමාන රජයේ කඩා වැටීම ඊයේ (27) ආරම්භ වූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
ඊයේ ජනාධිපතිවරයා විසින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ව අමාත්‍ය ධුරවලින් ඉවත්කළේය.
විමල් වීරවංශ මහතා පවසන්නේ එය මෙම රජය කඩාවැටීම ඉන් ඇරඹෙන බවයි.
එසේම රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයකට කිසිසේත්ම නොඑන බව තමාට හූනා කිව්වා සේ පැවසිය යැයිද ඔහු පැවසීය.