ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය: විවාදය අද හෙට

දස වෙනි පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම කතානායක ආචාර්ය සපුමල් රන්වල මහතාගේ ප්‍රධානත්වයෙන් අද (3) පෙරවරු 9.30ට රැස්වෙයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදය අද (3) සහ අනිද්දා (4)  පැවැත්වේ.

එම ප්‍රකාශය පිළිබඳ ඡන්ද විමසීම 4 වැනිදා පස්වරු 5.00 ට පැවැත්වීමට නියමිතය.

පාර්ලිමේන්තුව අද (3) සිට ලබන 6 වැනිදා  දක්වා රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත

මේ අතර රජයේ අතුරු සම්මත ගිණුමට අදාළ යෝජනා සම්මතය ලබන 5 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *