රජය සතු ආයතන රජයට බරක් ලෙස නොව රටට ඵලදායී අත්‍යවශම ආයතන ලෙස පවත්වාගෙන යාමට කටයුතු කිරීම රජයේ අරමුණ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මේ බව කීවේ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ ඉදිරි සංවර්ධන කටයුතු සැලසුම් කිරීම පිළිබඳව රජයේ නව මුද්‍රණාලාධිපති කේ.ජී.ප්‍රදීප් පුෂ්පකුමාර මහතා ඇතුළු රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ සියළුම මාණ්ඩලික නිලධාරීන් සහ අංශ ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් බොරැල්ලේ පිහිටි රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ දී පැවති විශේෂ සාකච්ඡාවක දී ය.
අමාත්‍යවරයා රජයේ මුද්‍රණාලයට අයත් සියළුම අංශ වෙත පෞද්ගලිකවම ගොස් කරුණූ සොයා බැලු අතර, එහි දී නවක මෙන්ම දශක තුනකටත් වඩා වැඩි සේවා කාලයක් රජයේ මුද්‍රණාලයේම සේවය කර ඇති පලපුරුදු සේවකයන් මුණගැසී මුද්‍රණාලයේ ප්‍රගතිය වැඩිදියුණු කළයුතු අංශ පිළිබඳවත්, එමෙන්ම දුර්වලතා සහ අඩුපාඩු පිළිබඳවත්, කරුණූ සොයා බැලුවේය.