ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලබන 23 වනදා රැස්වේ

පාර්ලිමේන්තුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලබන 23 වනදා පාර්ලිමේන්තු සංකීර්ණයේ දී රැස්වීමට නියමිතයි. ඒ කථානායක කරු ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන්.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ කථානායකවරයා විසින් සභාවේ සභාපති ධුරය දරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පොලිස් කොමිසම, අල්ලස් කොමිෂන් සභාව සහ මැතිවරණ කොමිෂන් සභාව වැනි ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයන් පත් කිරීමේ වගකීම පැවරී තිබේ. අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා ඇතුලු සාමාජිකයන් දස දෙනෙකු ඊට අයත්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *