ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සහ විධායකය අතර පවතින මතභේදය හේතුවෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සාමාජිකයින් පත් කිරීම මාසයකට ආසන්න කාලයක් ප්‍රමාද වී ඇති බව වාර්තා වේ.
දැනුවත් මූලාශ්‍රයක් පැවසුවේ, අලුතින් පනවන ලද දූෂණ විරෝධී පනතට අනුව ස්ථාපිත කෙරෙන කොමිෂන් සභාවට නම් තුනක් පත් කරන ලෙස විධායකය අවධාරනය කළ බවයි.
විධායකයේ නිර්දේශය පරිදි වරක් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල කොමිසමේ සභාපතිවරයා ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇතැයි වාර්තා වේ.
කෙසේ වෙතත්, යෝජිත අනෙකුත් නාමයෝජනා දෙක සඳහා එය එකඟ වී නොමැත. ඒ වෙනුවට ව්‍යවස්ථා සභාව තවත් දෙදෙනකුගේ නම් යවා ඇත්තේ මීට මාසයකට පමණ පෙරය.
තවමත් එම පත්වීම් ලබාදී නොමැති නිසා නව දූෂණ මර්දන පනත සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට නොහැකි වී තිබේ.