අ.පො.ස (උ/පෙළ) සිසුන් සඳහා වූ ශිෂ්‍යත්ව වැඩසටහන සම්බන්ධව ජනාධිපති කාර්යාලය තොරතුරු ඉදිරිපත් කරයි.

ජනාධිපති අරමුදල යටතේ අ.පො.ස (උ/පෙළ) සිසුන් සඳහා ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය දීර්ඝ කෙරේ.

2021/2022 අ.පො.ස (සා.පෙළ) සමත් සහ 2024 වසරේ අ.පො.ස (උ.පෙළ) විභාගයට පෙනී සිටින සිසුන් සඳහා ජනාධිපති අරමුදලින් අරමුදල් යොදවා ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය දීර්ඝ කර ඇත. දෙසැම්බර් 30 දක්වා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ආරම්භ කරන ලද ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා නිසි පරිදි සම්පුර්ණ කරන ලද අයදුම්පත් අද (23) හෝ ඊට පෙර අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙත භාර ගැනීමට මීට පෙර නියමිතව තිබුණි. කෙසේ වෙතත් සිසුන් සහ දෙමාපියන් ජනාධිපතිවරයා වෙත කළ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් අයදුම්පත් භාරදීමේ අවසන් දිනය දීර්ඝ කෙරුණා.

එබැවින් නිසි පරිදි පුරවන ලද අයදුම්පත් දෙසැම්බර් 30 වැනිදාට පෙර එම සිසුවා අ.පො.ස (සා.පෙළ) විභාගයට පෙනී සිටි අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙත ඉදිරිපත් කරන ලෙස ජනාධිපති අරමුදල උපදෙස් දෙයි.

2023 දෙසැම්බර් 23 සිට 2023 ජනවාරි 02 දක්වා නිවාඩු කාලය තුළ පාසල් කාර්යාලවලින් අයදුම්පත් භාර ගැනීම සහතික කිරීම සඳහා යාන්ත්‍රණයක් සකසන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දී ඇත.

අයදුම්පත් භාරගැනීමේ දිනය දෙසැම්බර් 30 දක්වා දීර්ඝ කර ඇතත් තේරීම්වලට අදාළ අනෙකුත් කටයුතු සඳහා යොදා ගන්නා දිනවල වෙනසක් සිදු නොවන බව ජනාධිපති අරමුදල වැඩිදුරටත් දන්වා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *