Sunday, 22 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අහුන්ගල්ල වෙඩි තැබීමේ සැකකරු අල්ලාගන්න පොලීසිය මහජන සහාය පතයි

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

අහුන්ගල්ල, වැලිකන්ද ප්‍රදේශයේ සිදුවූ මාරාන්තික වෙඩි තැබීමක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටින සැකකරුවෙකු සොයා අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය මහජන සහාය පතා තිබේ.

2026 ඔක්තෝබර් 01 වැනිදා පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් භාවිත කරමින් සිදු කළ මෙම මිනීමැරුම සම්බන්ධයෙන් අහුන්ගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

සැකකරු අත්අඩංගුවට ගැනීම මඟහැර ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බව පවසන පොලීසිය, ඔහුව සොයා ගැනීමට සහාය වීම සඳහා සැකකරුගේ ඡායාරූපයක් සහ පෞද්ගලික තොරතුරු මහජනතාව වෙත නිකුත් කර ඇත.

අවශ්‍යව සිටින සැකකරු අංක 567/C/1, වැලිකන්ද, අහුන්ගල්ල යන ලිපිනයේ පදිංචි 38 හැවිරිදි ලියනගේ දිනේෂ් සුරංග ලෙස හඳුනාගෙන තිබේ.

ඔහු සිටින ස්ථානයක් පිළිබඳව තොරතුරු දන්නා මහජනතාවගෙන් පහත දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලීසිය ඉල්ලා සිටී:

  • අහුන්ගල්ල පොලිස් ස්ථානාධිපති: 071-8591485

  • අහුන්ගල්ල පොලිස් ස්ථානය: 091-2264026

ඔබේ අදහස