අහංගම ප්‍රදේශයේදී අද(31) අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව විරෝධතාවක් පැවැත්විණි.
අහංගම ප්‍රදේශයේ ඉදිකර ඇති හෝටල් පාසලක් විවෘත කිරීම සඳහා අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, රාජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ, නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන පැමිණීමට නියමිත තිබූ අතර, අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ පැමීණිමට එරෙහිව ප්‍රදේශවාසීන් මෙලෙස විරෝධතාවයේ නිරත වූහ.
විරෝධතාකරුවන් අහංගම නගරයේ සිට රිෂාඩ් බදියුදීන්ට එරෙහිව විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් හෝටල් පාසල විවෘත කිරීමේ භුමිය අසලට පැමිණ ඇති අතර පසුව විරෝධතාකරුවන් විසින් උත්සව භුමිය වෙත පැමිණි කිසිදු රථයකට උත්සව භුමියට ඇතුළු විය නොහැකි වනසේ මාර්ගය අවහිර කළහ.
විරෝධතා මැඳ අහංගම ප්‍රදේශයේ ඉදිකර ඇති හෝටල් පාසල විවෘත කිරීමේ උත්සවය ආරම්භ වූ අතර විරෝධතාකරුවන් විසින් ඒ අසල රැඳී සිටිමින් උත්සව කටයුතුවලට බදා කළ බව වාර්තා වේ.
කෙසේ වෙතත් මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සභාගීවීමට නියමිතව සිටි රිෂාඩ් බදියුදීන් ඊට සහභාගී නොවූ බව වාර්තා වෙයි.