Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ප්‍රවෘත්ති

අසාධ්‍ය රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් සැපයුම් උපකරණ කඩිනමින් රෝහල්වලට ලබාදීමට සෞඛ්‍ය ඇමතිනී පියවර ගනී

අසාධ්‍ය රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් සැපයුම් උපකරණ කඩිනමින් රෝහල්වලට ලබාදීමට සෞඛ්‍ය ඇමතිනී පියවර ගනී

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවේ,කොවිඩ් ආසාදිත අසාධ්‍ය රෝගීන්ට ඔක්සිජන් සැපයීමට අවශ්‍ය සියලු උපකරණ මේ වන විට රෝහල් වෙත ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය කඩිනමින් පියවර ගෙන ඇති බවයි.

මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යංශ ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන 650 ක් වටිනා හයිෆ්ලෝ Hiflow ඔක්සිජන් යන්ත්‍ර 612ක්, ඔක්සිජන් කන්සන්ටේටර් 200 ක්, මල්ටි පැරා මොනිටර්ස් 385 ක්, සිරින්ජර් පම්ප් 410 ක් සහ ඉන්ෆියුෂන් පම්ප් 400 ක් දිවයිනේ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවලට ලබා දී ඇතැයි ද අමාත්‍යවරිය සඳහන් කළේය.

කොවිඩ් මර්ධනය සඳහා ක්ෂණික ප්‍රතිචාර සහ සෞඛ්‍ය පද්ධති පෙර සුදානම් ව්‍යාපෘතිය මඟින් රුපියල් මිලියන 386ක් වටිනා ඔක්සිජන් සැපයුම් උපකරණවලින් පළමු තොගය අද පෙරවරුවේ ජීව වෛද්‍ය ඉංජිනේරු අංශයේදී අමාත්‍යවරියට භාර දුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එම උපකරණ අතර, සිරින්ජර් පම්ප් 500 ක්, හයිෆ්ලෝ Hiflow ඔක්සිජන් යන්ත්‍ර 40ක් වේ.

මේ අතර, හදිසි තත්ත්වයකදී කොවිඩ් -19 රෝගීන්ට ලබාදීමට ඔක්සිජන් සිලින්ඩර සුරක්ෂිත තොගයක් ගෙන්වීමට කටයුතු යොදා ඇති බව ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

දැනට දිවයින තුළ ඔක්සිජන් නිෂ්පාදනය කරන සමාගම් විසින් අවශ්‍ය තරම් ඔක්සිජන් නිෂ්පාදනය ක‍රන අතර දැනට සමහර රෝහල්වල මහා පරිමාණ ද්‍රව ඔක්සිජන් ටැංකි, ඔක්සිජන් සාන්ද්‍රණ බලාගාර, ඇඳන් ආසන්නයේ වූ කුඩා පරිමාණ ඔක්සිජන් සාන්ද්‍රණාගාර ඇති බව සඳහන් වේ.

එහෙත් විවිධ ප්‍රමාණයෙන් වූ වායු ඔක්සිජන් සිලින්ඩර සංඛ්‍යාව රෝගීන්ගේ අවශ්‍යතාව සඳහා වැඩිකිරීම යෝග්‍ය බව බැසිල් රාජපක්ෂ පෙන්වා දී තිබේ.

ඒ අනුව, අමතර සිලින්ඩර 21,000ක් කඩිනමින් ආනයනය කර සුරක්ෂිත තොග වශයෙන් පවත්වාගන්නා ලෙස ගෑස් ක්ෂේත්‍රය පිළිබඳව පළපුරුදු අත්දැකීම් හා ජාත්‍යන්තර සම්බන්ධතා ඇති රජයේ පරිපාලිත සමාගම වන ලිට්රෝ ගෑස් ලංකා ලිමිටඩ් වෙත කාර්ය සාධන බලකාය විසින් දැනුම් දී තිබේ.

මේ වන විටත්, ලිට්රෝ ගෑස් ලංකා ලිමිටඩ් සමාගම, සිංගප්පූරුවෙන් ඔක්සිජන් සිලින්ඩර ආනයනය කිරීමට අවශ්‍ය කටයුතු සිදුකර ඇති අතර, නොබෝ දිනකින් පළමු තොගය ලැබීමට නියමිත බව සඳහන් වේ.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *