අස්වැසුම බඩු මල්ල ඊයේ සිට

අස්වැසුම පොරොත්තු ලේඛනයේ  පවුල් වෙනුවෙන් සහන මිලකට ආහාර පැකේජයක් ලබාදීමේ වැඩපිළිවෙළ ඊයේ (1) සිට ඇරඹේ

ඒ අනුව අද සිට ලබන 13  වැනිදා දක්වා රුපියල් 5000ක වටිනාකමින් යුත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් පැකේජය සියයට පනහක වට්ටමකට එනම් රුපියල් 2500ක මිලකට සතොස  හරහා ලබා ගැනීමට එම ප්‍රතිලාභීන්ට හැකියාව ලැබෙනු ඇත.

අස්වැසුම ප්‍රතිලාභී අපේක්ෂිතයන් ලෙස  පොරොත්තු ලේඛනයේ සිටින පවුල් 812573ක් සඳහා මෙම විශේෂ වට්ටම හිමිවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *