අවුරුදු සමයේ දින 3ක් සුරාසල් වැසේ

සිංහල – හින්දු අවුරුදු සමය තුළ දින තුනක් දිවයින පුරා සුරාසල් වසා තැබේ. අප්‍රේල් 12 වැනිදා පෝය දිනයත්, අප්‍රේල් 13, 14 දින දෙක සිංහල – හින්දු අලුත් අවුරුදු දිනය නිමිත්තෙනුත් මෙසේ සුරාසල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

වසා තැබෙන දිනවල බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන සුරාසල් සම්බන්ධයෙන් නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල් උදය කුමාර මහතා සුරාබදු ස්ථානාධිපතිවරුන්ට උපදෙස් දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *