අවසරයක් නැතිව ඌරන් මැරීම ,මස් විකිණිම තහනම් කරමින් තවත් ගැසට්ටුවක්

දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අප්‍රිකානු සූකර උණ රෝගය(AFS) සහ අභිජනන හා ශ්වසන සහලක්ෂණ රෝගය(PRRS) සඳහා ආසාධිත හෝ රෝග අවදානම් ප්‍රදේශයන් ලෙසත් ඌරන් මේ රෝග අවදානම් සතුන් ලෙසත් ප්‍රකාශයට පත් කරමින් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රිකා හේමාලි අබේරත්න  කොතලාවල විසින් දෙවන වතාවටත් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මීට පෙර  ඔක්තෝම්බර් 25 දාතමින් මේ සම්බන්ධයෙන් පලමු ගැසට් නිවේදනය නිකුත් කර තිබූ අතර  මාස තුනකට වලංගුවන ලෙස ඉකුත් (4 )දාතමින් නව ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

කලින් ගැසට්ටුවේ ඇතුලත්  ඌරන්  ඌරු මස් නිෂ්පාදන  හා  ,රෝග කාරක ද්‍රව්‍ය  විකිණීම  තහනම් යන   වගන්තිය වෙනස් කරමින් එය  නම් කරන ලද බලයලත් නිලධාරියෙකුගේ අවසර පතක් නොලබා ඌරන්, ඌරුමස් සහ එම නිෂ්පාදන හා රෝග කාරක ද්‍රව්‍ය විකිණීම ගබඩා කිරීම බෙදාහැරීම හා ඌරු මස්වලින් නිෂ්පාදන සැකසීම  තහනම් බවට නව ගැසට්ටුවෙන්  නියම   කර තිබේ.

ඊට අමතරව අවදානම් ඌරන් ,ඌරු මස් හෝ එම නිෂ්පාදන හෝ රෝග කාරක ද්‍රව්‍ය අසාධිත ප්‍රදේශය තුළ හෝ පිටතට ගෙන යාම තහනම් කළ නියමය බලය ලත් නිලධාරියෙකුගේ අවසරයක් නොමැතිව එසේ කළ නොහැකි ලෙසද නියම  කර තිබේ.

එමෙන්ම  නම්කරන ලද බලය ලත් නිලධාරියෙක් විසින්   අනුමත කරන ලද ඝාතකාගාරයකදි හැර වෙනත් තැනක ඌරන් ඝාතනය කිරීමද නව ගැසට්ටුව මගින් තහනම් කර තිබේ.

එමෙන්ම   කලින් ගැසට්ටුවේ සඳහන් සඳහන් තහනම් ක්‍රියාවන් වන    සියලුම අවදානම් හා ආසාධිත  ඌරන් ඝාතනය  , අවදානම්  ඌරන්   කෘත්‍රිම අභිජනනය කිරීම  ,සජීවි සත්ව වෙළඳාම ,තරග පැවැත්වීම, මියගිය රෝගී සතුන් ජලය සම්බන්ධ ස්ථානවලට  හෝ වෙනත් තැනකට  ප්‍රවාහනය වන පරිදි දැමීම  නව ගැසට්ටුවෙන්ද   තහනම් කර තිබේ.

මෙම කටයුතු සඳහා නම් කරන බලයලත් නිලධාරීන් ලෙස සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සත්ත්ව සෞඛ්‍ය අධ්‍යක්ෂ,නියෝජ්‍ය අධ්‍යක්ෂ ,පළාත් අධ්‍යක්ෂ ,විෂයානුබද්ධ විශේෂඥ ,දිස්ත්‍රික් පශු වෛද්‍ය නිලධාරීන් ,සියලු රජයේ පශු වෛද්‍ය නිලධාරීන් ,වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ  සෞඛ්‍ය අධ්‍යක්ෂ හා සියලු  පශු වෛද්‍ය නිලධාරින් නම්කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *