මහනුවර ඇසළ මංගල්‍යයේ අවසන් රන්දෝලි මහා පෙරහැර අද (30) රාත්‍රියේ නගර මාර්ග ඔස්සේ ගමන් කෙරේ.
රාත්‍රී 7.03 ට දළදා මාලිගාවෙන් උතුරු දෙසින් පිටත්වන පෙරහර දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය, ඩී.එස්.සේනානායක වීදිය ඔස්සේ ගමන් කර රජ වීදියෙන් ආපසු පැමිණේ. පෙරහැර ආපසු පැමිණීමෙන් පසු දළදා මාලිගාවේ පෙරහර දේවාල පෙරහැර හතරක් සමඟ අස්ගිරිය ගෙඩිගේ රජමහා විහාරයට (අදහන මළුව) යයි. පැරණි චාරිත්‍රානුකූලව පෙරහර කරඬුව එහි තැන්පත් කෙරේ.
පසුව ප්‍රධාන දේවාල හතරේ පෙරහැර නැවත විහාරස්ථාන වෙත පැමිණ පුද පූජා පවත්වයි. ඉන් අනතුරුව කටුකැලේ වීදිය ඔස්සේ ගැටඹේ තොටුපළ වෙත ගොස් දිය කැපීමේ මංගල්‍යය සිදු කිරීමට නියමිතය.
අගෝස්තු 31 වැනි දින අලුයම දිය කැපීමේ චාරිත්‍රය සිදු කිරීමෙන් අනතුරුව දේවාල සතර පෙරහැර කටුකැලේ ගණපති දේවාලයට ළඟා වේ.
එහිදී පුද පූජා පැවැත්වීමෙන් අනතුරුව මහනුවර මහ නගර සභා මාර්ගය ඔස්සේ දේවාල පෙරහර ගමන් කර ගෙඩිගේ විහාරයෙන් ආරම්භ වන ප්‍රධාන පෙරහැරට එක්වීමට නියමිතයි.
ඉන් අනතුරුව ඩී.එස්.සේනානායක වීදිය ඔස්සේ පෙරහැර ගමන් කර රජ වීදිය උඩට පැමිණ දළදා මාලිගාව චතුරශ්‍රය වටා තුන්වරක් ගොස් ඇතුළු වෙයි. ඒ සමඟ මෙවර මහනුවර ඇසළ මංගල්‍යය අවසන් වේ.