ඊයේ දිනයේ දී නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසා සිටියේ, පවතින කොවිඩ් තත්ත්වය හේතුවෙන් දුම්රිය ගමන්වාර කිහිපයක් හෙට දිනයේ සිට අවලංගු කරන බවයි. නමුත් අවලංගු කිරීමට තීරණය කරන ලද දුම්රිය ගමන්වාර කිහිපයක් නැවතත් ධාවනයට එක්කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
දුම්රිය මගීන්ගේ දැඩි ඉල්ලීම මත එම තීරණය ගත් බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.