අවදානම් ප්‍රදේශ වල තැපෑල නවතී

කොරෝනා අවදානම හමුවේ ලිපි හා පාර්සල් බාර ගැනීම ජනතාව ප්‍රතික්‍ෂේප කිරීම හේතුවෙන් බස්නාහිර පළාත ඇතුළු ප්‍රදේශ කිහිපයක ලිපි හා පාර්සල් බෙදා හැරීමේ කටයුතු දින නියමයක් නොමැතිව අත්හිටුවීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. තැපැල් දෙපාර්තමේන්තු නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ තැපැල් කරුවන්ගේ හා කාර්යමණ්ඩල සේවකයින්ගේ ආරක්‍ෂාව පිළිබඳවද අවදානය යොමු කිරීමට සිදුව ඇති බැවින් අවදානම් ප්‍රදේශවල ලිපි හා පාර්සල් බෙදා හැරීම තාවකාලිකව නතර කිරීමට සිදුවන බවයි.

ඒ අනුව බස්නාහිර පළාත, ගාල්ල ප්‍රධාන තැපැල් කාර්යාලය හා උප තැපැල් කාර්යාල, කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය හා තදාසන්න ප්‍රදේශවල මෙන්ම මඩකලපුව දිස්ත්‍රික්කයේ අවදානම් ප්‍රදේශවල තැපැල් කටයුතු අත්හිටුවා තිබේ. කෙසේ වෙතත් රෝහල් මඟින් ලබාදෙන ඖෂධ හා ඔසුසැල් මඟින් ඇනවුම් කරන ඖෂධ බෙදා හැරීමේ කටයුතු ඇදිරිනීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් අඛණ්ඩව සිදුකරන බවද තැපැල් දෙපාර්තමේන්තු නිවේදනයේ සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *