අවංක නිලධාරීන්ගේ ආරක්ෂාව තහවුරුයි – සුව ඇමති

ඖෂධ ක්ෂේත්‍රයේ වංචා දූෂණ වලට එරෙහිව කටයුතු කරන සියලුම නිලධාරීන්ගේ ආරක්ෂාව වෙනුවෙනුත් රජය කොන්දේසි විරහිතව  පෙනී සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කොළඹදී පැවසීය.

ජාවාරම්කරුවන්ගේ හෝ එම කණ්ඩායම්වල අභිලාෂයන් වෙනුවෙන් අමාත්‍යාංශය හෝ රජය කිසිදු අවස්ථාවක කටයුතු නොකරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.‍ෙ

ලොව අධික ලාභ උපයන ව්‍යාපාරයක් මෙන්ම ජාවාරමක් ද බවට පත්ව ඇති ඖෂධ ක්ෂේත්‍රයේ ගැටලු, දෝෂ නිරාකරණයට සහ නිවැරදි කිරීම වෙනුවෙන් පෙනී සිටින සියලුම සේවකයින් ධෛර්මත් කිරිමට වැඩපිළිවලක් සකස් කරන බවත් කොළඹ – 02 පිහිටි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හදිසි නිරීක්ෂණයකට එක්වෙමින් ඔහු පැවසීය.

ගුණාත්මකභාවය, තත්ත්වය, මිල ඇතුලු ඖෂධ සම්බන්ධ සියලු කටයුතුවල දී ගැටලු මතු වුවහොත් කණ්ඩායමක් ලෙස සියලු දෙනා ඊට වගකිව යුතු බවත් ජයතිස්ස මහතා කීවේය.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරි පස් වසර ජාතික අවශ්‍යතාවයට අනුව සැළසුම්, ඉලක්ක සහ මනා ඉදිරි දැක්මකින් යුතුව ප්‍රධාන අංශ කිහිපයක් මුලික කර මෙහෙයවීමට සහ විධිමත් කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *