“ඇල්ල ඔඩ්සි (නානුඔය) නමින් නානුඔය හා බදුල්ල දුම්රිය ස්ථානය අතර නව දුම්රි ගමන්වාරයක් අද(10) දින සිට ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.
මෙම දුම්රිය අඟහරුවාදා දින හැර සතියේ සෑම දිනකම S 14 මැදිරි කට්ටලයක් සමගින් ධාවනය වීමට නියමිතය. පෙ.ව. 08.10 ට නානුඔය සිට බදුල්ල දක්වා ධාවනය වන මෙම දුම්රිය ප.ව. 01.00ට බදුල්ල සිට නානුඔය දක්වා ධාවනය වේ.
පළමු පන්තියේ වෙන් කළආසන (AFC) රුපියල් 7,000 ක් දෙවන පංතියේ වෙන් කළ ආසන (SCR) රුපියල් 6,000ක් තෙවන පංතියේ වෙන්කළ ආසන (TCR) රුපියල් 5,000 ලෙස මෙම දුම්රියේ ප්‍රවේශපත්‍ර මිල ගණන් නියම කර තිබේ.
එල්ජින් දිය ඇල්ල සහ සමීට් ලෙවල් හිදී දුම්රිය මන්දගාමීව ගමන් කරන අතර ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයේ විනාඩි 6 ක් ද ආරුක්කු නවයේ පාලම අසල විනාඩි 10 ක් ද දුම්රිය නතර කිරීමට නියමිතය.
සංචාරක ඉල්ලීම අනුව ප්‍රවාහන මහා මාර්ග වරාය සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ උපදෙස් මත මෙම දුම්රිය ගමන් අරඹන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා ප්‍රකාශ කරයි.