අලුත් පාස්පෝට් එකේ අකුරු වැරදියි

අලුත් පාස්පෝට් එකේ ඇතැම් තැන් වල අකුරු පවා වැරැදි යැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

“ගිය ආණ්ඩු සමයේ ඇතිවෙච්ච පාස්පෝට් ප්‍රශ්නය තවම එහෙමමයි. මිනිස්සු පාස්පෝට් ගන්න බැරුව දුක් විඳිනවා.ආපු ගමන් ඒ ප්‍රශ්නය විසඳන බව කිව්වා. නමුත් ආණ්ඩුව ඇවිත් දැන් මාස පහක් ගතවෙලා.කිසිම විසඳුමක් නැහැ.

අපි පාස්පෝට් එකක් ගන්න විසිදාහක් ගෙවනවා.කලින් පාස්පෝට් එකේ පිටු 64ක් තියෙනවා.අලුත් පාස්පෝට් එකේ තියෙන්නේ පිටු 48යි.ඒත් ගාන එකමයි.අලුත් පාස්පෝට් එකේ පිටු 16ක් අඩුයි.එයින් එක් පුද්ගලයකුට වෙන පාඩුව 6697යි.

ගිය ආණ්ඩුවෙන් කරපු මේ දේවල් නතර කරගන්න තමුන්නාන්සේලාට තවම බැරිවී තිබෙනවා.එමෙන්ම  අලුත් පාස්පෝට් පොතේ ආරක්ෂණය සම්බන්ධ ප්‍රශ්න තිබෙනවා.අලුත් පාස්පෝට් එකේ ආරක්ෂිත අංකය තිබෙන්නේ නියමිත තැන නෙමෙයි.කවුරු හරි මේ ගැන අධිකරණයට ගියොත් අලුත් පාස්පෝට් අවලංගු කරන්නට සිදු සිදුවෙනවා.එමෙන්ම අලුත් පාස්පෝට් එකේ ජාත්‍යන්තර ප්‍රමිතිය නැහැ.

අලුත් පාස්පෝට් එකේ පිටු අංක 36 බලන්න.එහි යාපහුව වෙනුවට තියෙන්නේ වෙන නමක්.පිටු අංක 31 හි තලෛයි මන්නාරම වෙනුවට ගහලා තියෙන්නේ වෙන නමක්. අකුරු වැරදියි.ඉතින් රටේ ජාත්‍යන්තර අභිමානයට වන්නේ කුමක්දැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *