අලියා

අලියා ලකුණින් ඉදිරිපත් විය යුතුයි- නුවරඑළියදී සම්මත වෙයි

එක්සත් ජාතික පක්ෂය ඉදිරි මහ මැතිවරණයේදි අලියා ලකුණින් ඉදිරිපත් විය යුතු බව නුවරඑළිය එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩලය රැස්විමේදී එක්මතිකව සභා සම්මත වූ බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවින් දිසානායක මහතා පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් බල මණ්ඩලය රැස්විම ඊයේ(08) නුවරඑළිය පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වූ අතර එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ නුවරඑළිය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවින් දිසානායක, නුවරඑළිය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.කේ පියදාස යන මහතුන්ගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල රැස්විම පැවැත්වුණි.

මෙම බල මණ්ඩලය රැස්විමේදී එක්සත් ජාතික පක්ෂයේ ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවින් දිසානායක මහතා බල මණ්ඩල රැස්විම අමතමින් කියා සිටියේ දැනට මැතිවරණ සලකුණ සම්බන්ධයෙන් මත දෙකක් ඉදිරිපත් වි ඇති බවත් ඒ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍යය නායක සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගය යටතේ හංසයා ලකුණින් තරග කිරිමටත්, එක්සත් ජාතික පක්ෂය අලියා සලකුණින් තරග කිරිමටත් ඉදිරිපත් වි ඇති බවයි.

එම මත දෙක එකසත් ජාතික පක්ෂය තරග කල යුතු සලකුණ සම්බන්ධයෙන් නුවරඑළිය දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩලය රැස්විමේදි එක්සත් ජාතික පක්ෂය අලියා සලකුණින් තරග කල යුතු බවට ඒකමතිකව තිරණය වි ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *