අර්චුනා තවත් ලෙඩක් දාගනියි

අනුරාධපුර – රඹෑව ඒ 20 ප්‍රධාන මාර්ගයේදී රථ වාහන නීති උල්ලංඝනය කරමින් අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කළ බව කියන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතාගේ  රථය නතර කළ අවස්ථාවේදී,  වලංගු රියදුරු බලපත්‍රයක් ලබා නොදී පොලිස් නිලධාරීනට සාපරාදී බලහත්කාරය පා බැන තර්ජනය කර ඇතැයි අනුරාධපුර පොලිසිය කියයි.

ඒ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව අධිකරණයට කරණු වාර්තා කිරීමට නියමිත බව අනුරාධපුර කොට්ඨාස රථවාහන අංශය පවසයි.

අනුරාධපුර දෙසට ,ඔහු පැද වූ මෝටර් රථය ඊයේ (20)⁣ රාත්‍රී රඹෑව දෙස සිට පදවා ගෙන, බාධක මැද රථ වාහන කීපයක් පසු කරමින් අපේක්ෂාකාරී අන්දමින් මන්ත්‍රීවරයා රිය ධාවනය කළ බව පොලිසිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *