අරගලයෙන් තවම පාඩමක් ඉගෙන ගෙන නැ: රාජිත

අරගල සිද්ධියෙන් පසුවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයන් පාඩමක් ඉගෙන ගෙන නැති බවත් ඔවුන් කතා කරන්නේ තම පක්ෂය ගැන පමණක් බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය අංශයේ ප්‍රතිකාර ලබා මහරගමට රැගෙන ගිය සීතා ඇතා බැලීමට ගිය අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී සේනාරත්න කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයන් රට ගැන හෝ ජනතාව ගැන කතා නොකරන බවයි. ඔවුන්ට අවශ්‍ය වන්නේ තමන්ගේ පක්ෂය ඉහළට ගෙන ඒම පමණයි.

ඉදිරි ජනාධිපතිවරණයෙන් පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඔවුන්ගේ සැබෑ ප්‍රතිඵල ලැබෙනු ඇති බවද ඔහු පැවසීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *