මූල්‍ය අරමුදලේ ගිවිසුමට සංශෝධන කර තිබෙන අතර එහි ප්‍රතිඵල අයවැයෙන් දැනගන්න හැකියාව තිබෙන්නෙ යැයි සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පාර්ලිමේන්තු දෙදින විවාදයේ පිළිතුරු කතාව කරමින් බිමල් රත්නායක මහතා මේ බව කීය.
“අපි වැට් බද්දත් අඩු කරනවා.බදු අඩු කරන්න පුළුවන් පාර්ලිමේන්තු පනතකින් පමණයි.ඒක ජනාධිපතිටවත් වෙන කාටවත් කරන්න බෑ.
සිංහල, දෙමළ, මුස්ලිම් සියලුම දෙනා එක්ව දී තිබෙන පණිවිඩය විපක්ෂය තේරුම් ගන්නේ නැද්ද?
පළාත් පාලන ඡන්දය පවත්වන්න අද සියලුම දේශපාලන පක්ෂ එක්වී තිබෙනවා.තමන්ගේ ඥාතීන් සැමරීමේ අයිතිය රාජ්‍යයන්ට වඩා පරණයි.ඒක තහනම් කරන්න ජනාධිපතිට හෝ අධිරාජ්‍යයන්ටවත් බෑ.