LK reports news sinhala

අයිඑස් තිප්පොළවල් අතරට ශ්‍රී ලංකාවත්

අයි.එස්.අයි.එස් සංවිධානයේ මෙහෙයුම් ක්‍රියාත්මක කරන රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක් හඳුනාගෙන ඇතැයි මාධ්‍ය වාර්තා පළවෙයි.

අමෙරිකා එක්සත් ජනපදය මුලික කරගත් ආයතනයක් විසින් ඉදිරිපත් කළ වාර්තාවක් මඟින් දක්වා ඇත්තේ ශ්‍රී ලංකාව, ඉන්දීයාව, තුර්කිය සහ ඇෆ්ගනිස්ථානය ඉස්ලාමීය රාජ්‍ය සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක කරන නව රටවල් ලෙස අයි.එස් ත්‍රස්තවාදීන් ප්‍රකාශයට පත් කර ඇති බවයි.

ඉරාකයේදී සහ සිරියාවේදී එම සංවිධානය පරාජයට පත් වීම හේතුවෙන් ඔවුන් ආසියාවේ සහ මැදපෙරදිග වෙනත් රාජ්‍යන් කෙරෙහි අවධානය යොමු කර තිබේ. 2018 වසරේදී ඔවුන් සතුව තිබු ඉස්ලාමීය රාජ්‍ය සිතියම පරාජයට පත් විය.

(Image – Daily Express)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *