අයවැය අරන් ජනපති අද මැතිසබයට

මෙම වර්ෂය සඳහා රජයේ අයවැය ලේඛනය ( අයවැය කතාව) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද ( 17 ) සඳුදා උදේ 10.30 ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන පළමු අයවැය ලේඛනය මෙයයි.

අයවැය ලේඛනය පිළිබද විවාද හෙට (18) සිට ආරම්භ වෙයි.

අයවැය ඉදිරිපත් කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ සහ ඒ අවට ප්‍රදේශවල ආරක්ෂක විධිවිධාන දැඩි කිරීමට පොලිසිය පියවර ගෙන ඇත.

අයවැය ඉදිරිපත් කරන අවස්ථාවට විදේශීය තානාපතිවරුන් රජයේ ප්‍රධානීන් ඇතුළු පිරිසක් ඇරයුම් ලබා සිටිති.

අයවැයෙන් පසු එම අමුත්තන් වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක්ද පිරිනැමේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *