කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකයන් හි දැවැන්ත කඩා වැටීමක් අද (08) දිනයේ දී වාර්තා විය.
එහිදී දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 127.25 කින් පහළ ගොස් ඒකක 5,898.84 ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 දර්ශකය ඒකක 75.54 කින් පහළ ගොස් ඒකක 2,782.84 ක් ලෙසින් වාර්තා විය.
ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය සහ S&P SL20 දර්ශකය පෙර දිනයට සාපේක්ෂව පිළිවෙලින් 2.11% ක් සහ 2.64% ක් වශයෙන් දිනය තුළ පහළ යන ලදී.
දිනය තුල ගනුදෙනු පිරිවැටුම රුපියල් මිලියන 624.43 කි.
අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර ඇතිව තිබෙන අර්බුදකාරීත්වය හේතුවෙන් ගල්ෆ් කලාපය යළිත් වරක් උණුසුම් වීමත් සමඟම එහි බලපෑම සමස්තයක් වශයෙන් ලොව සියලූම ප්‍රාග්ධන වෙළෙඳපොළ වෙත එල්ල වෙමින් පවතින බවත්, එවැනි ගෝලීය අර්බුදකාරීත්වයක දී ශ්‍රී ලංකාව වැනි කුඩා ආර්ථික ක්ෂණික බලපෑමකට ලක් වන බවත් විශ්ලේෂකයන්ගේ අදහස වේ.
Neat Webpage, Keep up the beneficial work. thnx.|
Great looking web site. Think you did a great deal of your very own coding.|
Wow, stunning site. Thnx …|
Great website! It looks very professional! Sustain the good work!|