නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ.
එහිදී නව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පත් කරනු ලැබූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේ ආණඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙසද පත්කර ඇති බව වාර්ථාවෙයි.