අමාත්‍ය ප්‍රසන්න රණවීරගේ නිවසට පිරිසක් ප්‍රහාරයක්…

රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ ගෝනවිල, පමුණුවිල, සරත්චන්ද්‍ර ඩයස් මාවතේ පිහිටි නිවසට නාඳුනන පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි වාර්තා වේ.

ලංකාදීපයට අනුව එම පිරිස ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රීවරයාගේ දෙමහල් නිවසට පහරදී අලාභහානි කර ඇත.

ප්‍රහාරයෙන් නිවසේ ජනෙල් අටකට හානි සිදුව ඇති බවයි සපුගස්කන්ද පොලිසිය සඳහන් කළේ.

පහරදීම සිදුවන අවස්ථාවේ නිවසේ කිසිවකු සිට නොමැති අතර, සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සපුගස්කන්ද පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

සැකකරුවන් හඳුනාගැනීම සඳහා නිවස ආසන්නයේ ඇති CCTV දර්ශන නිරීක්ෂණය කිරීමට පියවර ගනිමින් සිටින බවයි සපුගස්කන්ද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *