මත්ද්‍රව්‍ය සම්බන්ධ ක්‍රියාකාරකම් සහ පාතාලය ඉලක්ක කර ගනිමින් විශේෂ මෙහෙයුමක් හෙට සිට ආරම්භ කිරීමට නියමිත බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.
මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාල මෙහෙයුම්වල නිරත පුද්ගලයින්ට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස අමාත්‍ය අලස් මහතා පොලිසියට උපදෙස් දී තිබේ.
අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දුන්නේ අද පෙරවරුවේ ඇල්පිටිය කොට්ඨාසයේ පැවති ප්‍රජා පොලිස් කමිටු රැස්වීමකදීය.
වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම රැස්වීමට එක්ව සිටියහ.
මත්ද්‍රව්‍ය ආශ්‍රිත අපරාධ සහ පාතාල ක්‍රියාකාරකම් මැඩලීම සඳහා පොලිසිය දරන ප්‍රයත්නයන් සඳහා සක්‍රීයව සහාය දෙන ලෙස අමාත්‍ය අලස් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
“මම පොලිසියට කල් දීලා තියෙන්නේ ජුනි 30 වෙනකම් විතරයි. ජුනි 30 වැනිදා වෙනකොට මේ රටේ මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම්වල සම්පූර්ණ වෙනසක් ඇති විය යුතුයි,” ඔහු පැවසීය.