අම්පාර හෙද විදුහලෙන් සේවයට 140ක්

රජය ක්‍රියාත්මක කිරීමට නියමිත ප්‍රාථමික සෞඛ්‍ය සේවා සංවර්ධන වැඩසටහන යටතේ ජනතාවට පහසුවෙන් ළඟා විය හැකි ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන දහසක් ස්ථාපිත කෙරෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

මෙරට ජනතාව සුවපත් කරන කාර්යයේදී  හෙදියන්ට විශාළ වගකීමක්, කාර්යක් පැවරෙන බවද සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා කීය.

ලේකම්වරයා මේ බව අවධාරණය කර සිටියේ අම්පාර හෙද විදුහලේ පැවති 2020 – A සිසු හෙද කණ්ඩායම සදහා හිස්වැසුම් පැළඳවිම සහ සේවයට කැපවීමේ උළෙලට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් එක්වෙමිනි.

හෙද සිසු සිසුවියන් සදහා වන තුන් අවුරුදු පාඨමාලාවේ පළමු වසරේ න්‍යායික සහ ප්‍රායෝගික පුහුණුව සාර්ථකව අවසන් කරන ලද සිසු සිසුවියන් 140 ක් සදහා මෙහිදී  හිස් වැසුම් පැළදවිම සහ සේවයට කැපවීම සිදු කෙරිණි. අම්පාර හෙද විදුහල ස්ථාපිත කිරීමෙන් පසු එහි සේවයට කැපවන 18 වන සිසු හෙද කණ්ඩායම මෙම කණ්ඩායම වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *