Monday, 16 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අභාවප්‍රාප්ත ජැක්සන් ඇන්තනීගේ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළැඹෙන බ්‍රහස්පතින්දා සිදුකිරීමට නියමිතය.

දේහය අද (10) උදෑසන 7.30 සිට රාත්‍රී 11 දක්වා මහජන ගෞරව පිණිස කොළඹ 08, බෞද්ධාලෝක මාවතේ, “ජයරත්න Respect Home” හිදී තැන්පත් කිරීමට නියමිතය.

ඔක්තෝබර් 11 වන බදාදා සහ 12 වන බ්‍රහස්පතින්දා 90/A, 58 වනිගසූරියවත්ත, රාගම පාර, කඩවත පිහිටි ජැක්සන් ඇන්තනී මහතාගේ නිවසේ තැන්පත් කිරීමට නියමිතය.

අවසන් කටයුතු 12 වන බ්‍රහස්පතින්දා සවස 3ට ශුද්ධ වූ පේදුරු පාවුළු දේවස්ථානයේ දී සිදුකිරීමට නියමිත බව ද ජැක්සන් ඇන්තනි මහතාගේ පවුලේ ඥාතීන් දැනුම්දෙයි.

රිය අනතුරකට ලක්ව මාස 14ක කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා අභවප්‍රාප්ත වී තිබුණි.

1958 වසරේ ජූලි මස 08 වනදා රාගම දී උපත ලද ජැක්සන් ඇන්තනී මහතා මියයන විට 65 වන වියෙහි පසුවුණි.

ඔබේ අදහස