’’අපිට අප විශ්වාසයි’’

විපක්ෂයේ මන්ත්‍රීවරුන් චෝදනා කරන ආකාරයට ආණ්ඩුවේ අමාත්‍යවරුන් කටයුතු කර අසුවුවහොත් ඉදිරියට පැමිණ සමාව ගැනීමට සූදානම් බව මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රී සුනිල් බියන්වල මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

කෝට් ඇඳගෙන ඉදිරි පෙළ ඉන්න නායකයන් විශ්වාස කරන්න එපා කියා කලින් කතා කළ මන්ත්‍රීතුමා කිව්වා.අපේ 159  ගැනම අපට විශ්වාසයක් තියෙනවා. එහෙම විශ්වාසයක් නැතිනම් අපි මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ නෑ.අපේ සහෝදරවරු ඉතිහාසය පුරා කැපකිරීම් කර මෙතනට ඇවිත් ඉන්නේ ඔබලා අතීතයේ කළ දේවල් කරන්න නොවේ.අලුත් රටක් හදන්න.අපේ ඇමතිවරු ඉදිරි දිනකදී හෝ ඔබ තියෙන ආකාරයට හැසිරුනොත් අපි ඔබෙන් සමාව ඉල්ලන්න සූදානම් යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *